Saturday, July 23, 2011

.

මලල ක්‍රීඩා සංගමය පංචිකාවත්තට


කොළඹ නගරය සංවර්ධනය කිරීම සදහා කරගෙන යන ක්‍රියා මාර්ග වලට අයත් සැළසුම් සදහා අවහිර වන බැවින් කොළඹ 7 නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටි මලල ක්‍රීඩා සංගමය හැකි ඉක්මණින් කොළම පංචිකාවත්තේ පරණ සබන් ආයතනයක් පැවති ගෙඩනැගිල්ලක් කරා ගෙන යාමට සැළසුම් කර ගිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.



ඉදිරි දින වලදී මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම ගොඩනැගිල්ල රජයේ වෙනත් ආයතනයකට අයත් භූමි භාගයක පිහිටා තිබීම නිසා මලල ක්‍රීඩා සංගමය එම ආයතනය සමග අයිතිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග සදහා පිවිස තිබුණත් මේ අවස්ථාවේදී කිසිදු විරෝධයක් නොපෙන්වා එම නිතිමය තත්ත්වයක් පිළිබදව අධිකරණයෙන් සිදුවූ නිරාකරණය කර ගැනීමකින් තොරවම ඉවත් වීමට එකග වී ඇත.ඒ අනුව ඉදිරියේ දී මෙම ස්ථානය වෙනුවට වෙනත් දේපළක් හිමිවීමට ඇති අයිතිය සම්බන්ධයෙන් නිවැරදි බලයක් මලල ක්‍රීඩා සංගමයට හිමි වනු ඇත්දැයි ගැටළුවක් පැන නගියි.


Sat, Jul 23, 2011 at 5:32